colombotimes.lk
සිංහල | English

08 September 2024


ඩෙංගු යළි හිස ඔසවයි



මේ වසරේ ගතවූ කාල සීමාව තුළ ඩෙංගු රෝගීන් 32,078 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්.

එසේම කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 7,551ක්.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ මේ වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු හේතුවෙන් පුද්ගලයින් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඩෙංගු මදුරුවන් බෝවීම වළක්වාගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.