26 December 2024


දිස්ත්‍රික්ක අනුව ප්‍රකාශිත මුළු ඡන්ද ප්‍රතිශතයන් මෙන්න



2024 පාර්ලිමේන්තු මැතිවරණයේ එක් එක් දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් මේ වන විට නිකුත් කර තිබෙනවා.

එම ඡන්ද ප්‍රතිශතයන් පහතින්,
     
කොළඹ - 65%
නුවරඑළිය - 68%
කුරුණෑගල - 64%
මඩකලපුව - 61%
මාතර - 64%
පුත්තලම - 56%
අනුරාධපුර - 65%
බදුල්ල - 66%
මන්නාරම - 70%
ත්‍රිකුණාමලය - 67%
මුලතිව් - 63%ක්
පොළොන්නරුව - 65%
රත්නපුර - 65%
ගාල්ල - 64%
යාපනය - 69%
හම්බන්තොට - 60%
මාතලේ - 67%
කෑගල්ල - 65%
මොණරාගල - 63%
වව්නියාව - 65%
කිලිනොච්චිය - 62%
මහනුවර - 62%
කළුතර - 64%
අම්පාර - 62%
ගම්පහ - 66%

ඒ අනුව දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ඡන්ද විමසීම අද (14) පෙරවරු 7.00ට ආරම්භ වූ අතර එය පස්වරු 4.00ට අවසන් වුණා.  

2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව මෙවර මහ මැතිවරණය සඳහා සුදුසුකම් ලැබු ඡන්දදායකයන් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක් ලක්ෂ 40,354ක්.

ඒ අනුව අද දිනයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ කටයුතු සමස්ථයක් ලෙස සාමකාමීව සිදුවූ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

(colombotimes.lk)