බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අදත් (01) ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ ඒ සඳහා පොලිස් ස්ථාන මට්ටමින් නිලධාරීන් අනුයුක්ත කර ඇති බවයි.
උත්සව සමයේ ප්‍රිය සම්භාෂණ හා විනෝද ගමන්යෑමේදී බීමතින් රිය පැදවීමෙන් වළකින ලෙසද ඔහු ඉල්ලා සිටිනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ බීමත්ව රිය පදවන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි.
(colombotimes.lk)