13 December 2025

logo

ඇමරිකාවේදී ටෙස්ලා සයිබර් ට්‍රක් රථයක් පිපිරෙයි



ඇමරිකාවේ ඉන්ධන කැනිස්ටර් සහ ගිණිකෙළි ද්‍රව්‍ය පිරවූ ටෙස්ලා ට්‍රක් රථයක් පුපුරා ගොස් තිබෙනවා.

ඒ ඇමරිකාවේ නෙවාඩාහි ලාස්වේගාස් ප්‍රදේශයේ පිහිටි ට්‍රම්ප් හෝටලය ආසන්නයේදීයි.

එම සිද්ධිය හේතුවෙන් ට්‍රක් රථ රියදුරා මියගොස් ඇති අතර පුද්ගලයන් 07දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ට්‍රක් රථය කොලරාඩෝ ප්‍රදේශයේදී කුලියට ගෙන ඇති අතර පිපිරීමට පැය දෙකකටත් අඩු කාලකයකදී හෝටලය වෙත පැමිණ ඇති බවයි.

(colombotimes.lk)