03 May 2025


මාර්තු මාසයේ අපනයන ආදායම ඉහළට



2025 මාර්තු මාසයේ අපනයන ආදායම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මහ බැංකුව සඳහන් කළේ එම මාසයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,242ක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ මාර්තු මාසයට සාපේක්ෂව 8.1%ක වර්ධනයක් බවයි.

ආනයන වියදම මේ වසරේ මාර්තු මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 1,637ක් වන අතර එය පෙර වසරට සාපේක්ෂව 8.6%ක වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

එමෙන්ම සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 665ක් සටහන් වී ඇති අතර එය 6.5%ක ඉහළයාමක් පෙන්නුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.  


(colombotimes.lk)