26 December 2024


සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ගැන අවසන් තීරණය අද



සමගි ජන බලවේගයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා නම් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද (22) ගැනීමට නියමිතව තිබෙනවා.

එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේ අද (22) රැස්වී අදාළ තීරණය ගැනීමට නියමිත බවයි.

සමගි ජන බලවේගය පක්ෂය සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 5ක් හිමිවුණා.

ඒ අනුව මේ වන විටත් ඉන් එක් මන්ත්‍රී ධූරයක් සඳහා එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර දිවුරුම්දී අවසන්.

ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 4 සඳහා වන නම් අද දිනයේ මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කිරීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)