ඉන්දියාවෙන් ආනයනය කළ මෙට්රික් ටොන් 1,485ක පළමු ලුණු තොගය අද (27) දිවයිනට ළඟා වූ බව රාජ්ය වාණිජ නීතිගත සංස්ථාව පවසනවා.
රාජ්ය වාණිජ නීතිගත සංස්ථාව සදහන් කළේ පෙබරවාරි 28වනදා දක්වා ඉන්දියාවෙන් ලුණු ආනයනය කිරීමට සැලසුම් කර ඇති බවයි.
රට තුළ පවතින ලුණු හිඟයට පිළියමක් ලෙස ලුණු මෙට්රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවුණා.
(colombotimes.lk)