ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර පවතින සටන් විරාම කාලය තවදුරටත් දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසා තීරයේ පවතින සටන් විරාම කාලය පෙබරවාරි මස 18වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි.
මාස 15කට ආසන්න කාලයක් පැවති යුදමය වාතාවරණය නිමාවට පත් කරමින් ගාසා තීරයේ පසුගිය 19වනදා සටන් විරාම කාලසීමාව ආරම්භ වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ සති 04ක පමණ කාලයක් දක්වා සටන් විරාමය පැවැත්වීමට තීරණය කර තිබූ අතර එය තවදුරටත් දීර්ඝ කිරීමට අදාළ පාර්ශව කැමැත්ත පළකර ඇති බවයි.
(colombotimes.lk)