01 July 2025

logo

පුංචි ඡන්දෙට පොහොට්ටුව වැඩ අරඹන දිනය කියයි



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු පෙබරවාරි 02වනදා අනුරාධපුරයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාපක්ෂගේ ප්‍රධානත්වයෙන්.

පළමුව ජය ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලිසෑය වෙත ගොස් අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

ඉන් අනතුරුව ග්‍රාමීය නායකයන්ගේ සහභාගිත්වයෙන් ජනහමු මාලාවක් පැවැත්වීමටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු යොදා තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)