30 January 2025


සෞදි රජයේ වාර්ෂික රටඉඳි ප්‍රදානය මෙවරත්



රාමලාන් කාලසීමාවේදී මෙරට ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා සෞදි අරාබි රජය විසින් රටඉඳි කිලෝ ග්‍රෑම් 50,000ක් පරිත්‍යාග කිරීම ඊයේ (27) සිදුකර තිබෙනවා.

ඒ කොළඹදීයි.

එම රටඉඳි තොගය ශ්‍රී ලංකාවේ සෞදි තානාපති කහිල්ඩ් බින් හම්මුද් අල් කතානි විසින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි වෙත නිල වශයෙන් සංකේතාත්මකව භාරදී තිබෙනවා.

විදේශ රැකියා සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මුලෆ්ෆර්, නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලි ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

 
(colombotimes.lk)