ඇමරිකාව කොළොම්බියාවට එරෙහිව නව තීරුබදු සහ සම්බාධක පනවා තිබෙනවා.
ඒ ඇමරිකාව විසින් පිටුවහල් කළ සංක්‍රමණිකයන් රැගත් ගුවන්යානා 02ක් කොළොම්බියාව විසින් ප්‍රතික්ෂේප කිරීම සහ ඇමරිකානු භාණ්ඩ සඳහා 25%ක තීරුබදු වැඩි කිරීමත් සමඟයි.
කොළොම්බියානු ජනාධිපති ගුස්ටාවෝ පෙට්රෝ විසින් සංක්‍රමණිකයන් රැගත් ගුවන්යානා ප්‍රතික්ෂේප කිරීම තුළින් සිය ජාතික ආරක්ෂාව අනතුරේ හෙළු බවට ඇමරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් චෝදනා කර තිබෙනවා.
මේ අතර ඩොනල්ට් ට්‍රම්ප් නියෝග කළේ කොළොම්බියාවෙන් පැමිණෙන භාණ්ඩ සඳහාද 25%ක තිරු බදු පනවන ලෙසයි.
එය සතියක් තුළ 50%ක් දක්වා වර්ධනය විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එමෙන්ම කොළොම්බියානු රජයේ නිළධාරීන්ට සංචාරක තහනම් වීසා අවලංගු කිරීම් සහ මූල්‍ය සම්බාධක පැනවීම කෙරෙහිද ඇමරිකානු ජනාධිපතිවරයා අවධානය යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ කොළොම්බියානු ජනාධිපතිවරයා මෙම ගුවන්ගමන් සඳහා අවසරදී තිබූ අතර පසුව ගුවන් යානා ගුවනේ තිබියදී ඔහුගේ අවසරය අවලංගු කළ බවයි.
(colombotimes.lk)