හමාස් සංවිධානය විසින් මෙම සතියේදී තවත් ප්‍රාණ ඇපකරුවන් 06ක් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ සටන් විරාම ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා කාලය තුළ හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් 07 දෙනෙක් සහ ඊශ්‍රායලය විසින් රඳවාගෙන සිටි සිරකරුවන් 200 දෙනෙක් පසුගියදා නිදහස් කළ බවයි.
එමෙන්ම අද (27) සිට ගාසා වැසියන්ට උතුරේ නිවෙස්වලට නැවතත් යාමට ඉඩ ලබාදෙන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පලස්තීනුවන්ට නෙට්සාරිම් කොරිඩෝවෙන් උතුරට ගමන් කිරීමට ඊශ්‍රායලය අවසර ලබාදීමට නියමිත බවයි.
(colombotimes.lk)