30 January 2025


ගත වූ දින කිහිපයේ සාත්තු සේවා වෘත්තිකයන් 119ක් ඊශ්‍රායලයට



2025 වසරේ ගතවූ දින කිහිපය තුළ ශ්‍රී ලාංකිකයන් 119දෙනෙක් ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ජනවාරි 29 වනදා ඊශ්‍රායලය බලා යාමට නියමිත 152වන කණ්ඩායමට අයත් සාත්තු සේවා වෘත්තිකයන් 34දෙනෙක් වෙත ගුවන් ටිකට්පත් පිරිනැමීම ඊයේ (27) සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

දෙරට අතර ඇති කර ගන්නා අවබෝධතා ගිවිසුමකට අනුව ඊශ්‍රායලයේ සාත්තු සේවා අංශයේ රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන්ට හිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයෙකක්ට මුදල් ලබාදීමෙන් වලකින ලෙසයි.

(colombotimes.lk)