28 January 2025


බැංකොක් අගනුවර පාසල් වැසෙයි



තායිලන්තයේ බැංකොක් අගනුවර වායු ගුණාත්මකභාවය මේ දිනවල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් සතියක කාලයක් සඳහා එරට පොදු ප්‍රවාහන සේවා නොමිලේ භාවිතයට අවස්ථාව ලබාදී ඇති බවයි.

මෙලෙස වායු ගුණාත්මකභාවය පහත වැටීම හේතුවෙන් බැංකොක්හී පාසල් රැසක්ද වසා දමා තිබෙනවා.

(colombotimes.lk)