colombotimes.lk
සිංහල | English

02 May 2024

පහත් බිම් සඳහා පනවා තිබු ගංවතුර අවදානම් නිවේදනයක් ඉවත් කරයි



‍ගිංගඟ ආශ්‍රිතව පිහිටි පහත් බිම් සඳහා පනවා තිබු ගංවතුර අවදානම් නිවේදනය ඉවත් කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවස‍නවා. 

ඒ ගත වූ පැය 24 තුළ ගිංගඟ ද්‍රෝණියට සැලකිය යුතු වර්ෂාපතනයක් ඇති නොවීම හේතුවෙන්. 
 
එමෙන්ම තවලම සහ බද්දේගම ජල මිනුම් ස්ථානවලින් වාර්තා වූ ඉහළ ජල මට්ටම පහළ යමින් පැවතීමද එම තීරණය ගැනීමට සාධකයක් වී තිබෙනවා.
 
ඒ අනුව සැප්තැම්බර් මස 28 වැනි දින සිට ගිංගඟ ආශ්‍රිත පහත් බිම් සඳහා නිකුත් කර තිබූ නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදනය මෙලෙස ඉවත් කර තිබෙන අතර නිල්වලා ගඟ ආශ්‍රිත පහත් බිම් සඳහා නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදනය ඉදිරි පැය 24 සඳහා තවදුරටත් දීර්ඝ කරන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.
(colombotimes.lk)