26 December 2024


හිටපු අමාත්‍ය හරීන් අද CIDයට



හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

ඒ කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍ය ධූරය දරණ සමයේ ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙනවිත් රජයේ රෝහල්වලට බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සදහායි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංග, වෛද්‍ය රමේෂ් පතිරණ සහ රොෂාන් රණසිංහ යන හිටපු අමාත්‍යවරුන්ද ඊයේ (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබාදීම සිදු කළා.

(colombotimes.lk)