02 May 2025


හිටපු ඇමති මර්වින් අධිකරණයට



ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහි පැමිණිල්ල නොවැම්බර් මස 07 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. 

එම පැමිණිල්ල අද (23) කැඳ වූ අවස්ථාවේ දී ඇප මත මුදාහැර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අධිකරණයේ පෙනී සිටි බව වාර්තා වනවා. 
 
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.
(colombotimes.lk)