රජයේ හා පෞද්ගලික අංශයේ සේවකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් මැතිවරණ පනතේ ප්‍රතිපාදනවලට අනුව නිවාඩු ලබාදීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එම කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ විශ්වවිද්‍යාල, උපකාරක පන්ති, ඇගලුම් කම්හල්වල සේවකයන්ට හා ශිෂ්‍යයන්ට නිවාඩු ලබාදීම අත්‍යාවශ්‍ය බවයි.
රාජ්‍ය අංශයේ නිලධාරීන් සඳහා පැය 02ක නිවාඩුවකට යටත්ව ඡන්දය ප්‍රකාශ කිරීම වෙනුවෙන් ඡන්ද පොළට ඇති දුර ප්‍රමාණය ආයතන ප්‍රධානියා විසින් තීරණය කළ යුතු අතර ඒ සඳහා ප්‍රමාණවත් කාල සීමාවක නිවාඩුවක් ලබාදිය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
පෞද්ගලික අංශයට නිවාඩු ලබාදීම වෙනුවෙන්ද මැතිවරණ කොමිෂන් සභාව විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඡන්ද පොළට කිලෝ මීටර් 40ක් හෝ ඊට අඩු වේ නම් දින භාගයක්, කිලෝමීටර 40ත් 100ත් අතර නම් එක් දිනයක්, කිලෝ මීටර 100ත් 150ත් අතර නම් දින එකහමාරක්, කිලෝ මීටර 150කට වැඩි නම් දින 2ක් වශයෙන් නිවාඩු ලබාදිය යුතුයි.
(colombotimes.lk)