colombotimes.lk
සිංහල | English

08 September 2024


PHOTOS | කෝලිට, සචින් තෙන්ඩුල්කාර්ගෙන් තෑගි



ලෝක කුසලාන අවසන් මහා තරගයේ කාසිය වාසිය උරගා බැලීමෙන් අනතුරුව හදිසේම ක්‍රීඩා පිටියට පිවිසි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් විරාත් කෝලි වෙත ත්‍යාගයක් ලබා දෙනු දැක ගන්නට හැකි වුණා.

ඒ 2011 වසරේ දී වංකඩේ ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලෝක කුසලානය ඉන්දියාව ජයග්‍රහණය කළ තරගයේ දී සචින් තෙන්ඩුල්කාර් ඇඳ සිටි ඔහුගේ අංක 10 හිමි ජර්සියයි.

2011 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායමේ සාමාජිකයෙකු වූ විරාත් කෝලි මෙවර ක්‍රීඩා කරන්නේ සිය හතරවැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියයි.

මේ අතර ඉකුත් දා පැවති පළමු අවසන් පූර්ව තරගයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව විරාත් කෝලි වාර්තා කළ ශතකයත් සමඟ ඔහු ඉතිහාසයට එක් වන්නේ ලොව වැඩි ම එක් දින ශතකලාභියා වශයෙන්.

ඒ සිය එක්දින ක්‍රිකට් දිවිය තුළ ශතක 49ක් රැස් කරගෙන සචින් තෙන්දුල්කාර් පිහිටුවා තිබූ වාර්තාව බිඳ හෙළමින්.

විරාත් කෝලි සිය එක්දින ක්‍රිකට් දිවිය තුළ රැස් කරගෙන ඇති ශතක ගණන 50ක්.
(colombotimes.lk)
Image

Image