දීමනා විෂමතාවලට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 19ක් අද (18) උදෑසන 7.00 සිට දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයකට නිරත වීමට තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ අද උදෑසන 7.00 සිට හෙට උදෑසන 7.00 දක්වා සංකේත වැඩ වර්ජනයක නිරත වුවද හදිසි සහ අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන බවයි.
රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය, ඖෂධවේදීන්ගේ සංගමය, වෘත්තීය චිකිත්සකවේදීන්ගේ සංගමය, භෞතචිකිත්සක නිලධාරීන්ගේ සංගමය, කතන හා භාෂා ව්‍යාධිවේදීන්ගේ සංගමය සහ ශ්‍රවණවිද්‍යා නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති 19ක් මේ වර්ජනය සඳහා එක්ව තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ සංගමය සඳහන් කළා.
(colombotimes.lk)