colombotimes.lk
සිංහල | English

04 May 2024

හොන්ඩා සහ නිසාන් සමාගම් එක්ව තීරණයක් ගනියි



විද්‍යුත් වාහන නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා මෙන්ම ස්වයංක්‍රීය තාක්ෂණය ඊට එකතු කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට හොන්ඩා සහ නිසාන් සමාගම් තීරණය කර තිබෙනවා.

ජාපානයේ ටෝකියෝ නුවර පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් එම සමාගම්වල ප්‍රධානීන් මේ බව ප්‍රකාශ කළා.

ඉදිරියේදී තාක්ෂණයෙන් වැඩිදියුණු වූ විද්‍යුත් වාහන නිර්මාණය කිරීමට එම සමාගම් කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)