මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සිටි යුනිකෝන් නැමති හස්තියා මියගොස් තිබෙනවා.
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සඳහන් කළේ වෙඩි වැදීමකට ලක්වී එම හස්තියා මියගොස් ඇති බවයි.
අද (17) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව අනාවරණය කළා.
වෙඩිවැදී මිය ගොස් සිටි හස්තියාගේ සිරුර අද වනජීවි නිලධාරීන් විසින් සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය 15වනදා කිසියම් පිරිසක් විසින් යුනිකෝන් නැමති හස්තියා හට වෙඩිතබා තිබෙන බවයි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)