ආනයනික සහල් සඳහා පනවා ඇති තීරු බද්ද රුපියල් 15කින් අඩු කරන්නේ නම් උපරිම මිල යටතේ සහල් සිල්ලරට අලෙවි කළ හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න සඳහන් කළේ ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 220කට ආසන්න මුදලකට ලබාදීමට ආනයනකරුවන්ට හැකි බවයි.
එම සහල් තොග වෙළෙඳපොළට පැමිණෙන විට බෙදාහැරීම් ජාලය සඳහා කිලෝවකට 8% -10%ක අතර ප්‍රමාණයක වියදමක් දැරීමට සිදුවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)