03 July 2025

logo

කහවත්ත පොලීසියේ ස්ථානාධිපති යාපනයට මාරු කරයි



කහවත්තේදී තරුණයෙක් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ විමර්ශන කටයුතුවලට අදාළව කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා යාපනය පොලිස් කොට්ඨාසයට මාරුකර තිබෙනවා. 

කිසියම් පිරිසක් එම තරුණයා සිටි නිවසට පැමිණ පැහැරගෙන ගොස් මෙම වෙඩි තැබීමට සිදු කළ බවට මූලික විමර්ශනවලදී මේ වන විට අනාවරණය වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

එම සිද්ධියේ විමර්ෂන කටයුතුවලට අදාළව මෙලෙස කහවත්ත පොලිස් ස්ථානාධිපතිවරයා යාපනයට මාරුකර යවා තිබෙනවා. 

(colombotimes.lk)