20 February 2026

logo

හෙට විශේෂ පාර්ලිමේන්තු දිනයක්



විශේෂ පාර්ලි‍මේන්තු රැස්වීම් දිනයක් ලෙස හෙට (30) දිනයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තුව හෙට පෙරවරු 09.30ට රැස්වීම‍ට නියමිත බවයි වාර්තා වන්නේ. 

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 11වන වගන්තිය ප්‍රකාරව එක් එක් වර්ෂයේ ජූනි 30 හෝ එදිනට පෙර ආණ්ඩුව විසින් මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශයක් නිවේදනය කිරීමේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා පාර්ලිමේන්තුව මෙලෙස රැස්වීමට නියමිතව තිබෙනවා.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 ප්‍රකාරව අග්‍රාමාත්‍යවරිය විසින් කළ ඉල්ලීමක් මත කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් හෙට (30) පාර්ලිමේන්තුව කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)