01 July 2025

logo

තායිලන්ත අගමැතිනියගේ සේවය අත්හිටුවයි



තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් එරට අගමැතිනි Paetongta Shinawatraගේ සේවය අත්හිටුවා තිබෙනවා. 
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇය සේවයෙන් පහ කිරීම සම්බන්ධයෙන් නඩුවක්ද විභාග වෙමින් පවතින අතරතුර මෙලෙස සේවය අත්හිටුවා තිබෙන බවයි. 
 
කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමඟ දුරකථනයෙන් සිදු කළ බවට පැවසෙන සංවාදය මෙලෙස ඇගේ වැඩ තහනම් කිරීමට හේතු වී තිබෙනවා. 
 
එලෙස පුරප්පාඩු වූ අගමැති ධූරයේ වැඩ බැලීම සඳහා සූරිය ජුන්ග් රුන් ග්රුන්ග් කිට් පත්කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)