ගාසාහී දින 60ක සටන් විරාමයක් ආරම්භ කිරීමට ඊශ්‍රායලය එකඟ වී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ඔහු කියා සිටියේ යුද්ධය අවසන් කිරීම සඳහා සියලු පාර්ශවයන් සමඟ එක්ව කටයුතු කරන බවයි.
එමෙන්ම ගාසා තීරයේ සටන් විරාමයක් ඇති කර ගැනීම සදහා ඇමරිකාවේ මේ දිනවල සාකච්ඡා පැවැත්වෙන අතර ඊට ඊශ්‍රායලය ද එක්ව සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ට්‍රම්ප් කියා සිටියේ ඊශ්‍රායලය මෙන්ම හමාස් සටන්කාමීන්ද සටන් විරාමය සදහා එකඟ විය යුතු බවත් එසේ නොවුනහොත් යුද්ධය තවත් දිග්ගැස්සෙන බවයි.
2023 වසරේ ඔක්තෝබර් 7වනදා ඇරඹී හමාස් - ඊශ්‍රායල යුද්ධයේදී ගාසා තීරයේ අවම වශයෙන් පුද්ගලයන් 56,647ක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)