20 February 2026

logo

තවත් සජබ සභිකයෙක්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි



පුත්තලම මහ නගර සභාවට සමගි ජන බලවේගය නියෝජනය කළ සභිකයෙක්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ පුත්තලම මහ නගර සභාවේ සභාපති සහ උප සභාපති පත් කිරීමේදී පක්ෂයේ තීරණයට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන්.

සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් බණ්ඩාර නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත්තේ සිය පක්ෂයේ පුත්තලම මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙක්  වන එන්. එම්. එන් නුස්කිගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බවයි.

(colombotimes.lk)