28 June 2025

logo

පිලිපීනය සෙළවෙයි



පිලිපීනයේ මින්ඩනාඕ හී භූ කම්පනයක් හටගෙන තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපකයේ ඒකක 6.1ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බවයි. 

භූ කම්පනය එරට වේලාවෙන් අද (28) උදෑසන 7.07ට හටගෙන තිබෙනවා. 

ඩාවෝ ඔක්සිඩෙන්ටල් පළාතේ සිට කිලෝමීටර් 70ක් පමණ දුරින් කිලෝමීටර් 101ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

පිලිපීන ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය භූ කම්පාව වාර්තා කර ඇති අතර කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද තහවුරු කර තිබෙනවා. 

(colombotimes.lk)