හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බැංකු ගිණුම් ඇතුළු දේපළ රැසක් අත්හිටුවන බව බස්නාහිර පළාත් මහාධිකරණය පුවත්පත් දැන්වීමක් මඟින් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව ඔහුගේ සහ ඔහුගේ පවුලේ සමීපතම සාමාජිකයන් සතු වූ බැංකු ගිණුම් 18ක් සහ ජීවිත රක්ෂණ ගිණුම් 05ක් අක්‍රීය කර ඇති අතර කොළඹ 05 ප්‍රදේශයේ මහල් නිවාසයක් සහ Mercedes-Benz මෝටර් රථයක් යන වත්කම්ද අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.
2024 දෙසැම්බර් 23වනදා සිට 2025 ජනවාරි 03වනදා දක්වා බලපැවැත්වෙන පරිදි අල්ලස් කොමිසම විසින් එම දේපළ අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.
(colombotimes.lk)