19 May 2025


රජයේ නිලධාරීන්ට නව වසරට අත්තිකාරම් මුදලක්



රජයේ නිලධාරීන්ට 2025 වසර සඳහා විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට පියවර ගෙන තිබෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

එහි ලේකම් එස්. ආලෝක බණ්ඩාර නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වන්නේ රාජ්‍ය නිලධාරීන් සඳහා රුපියල් 4000කට නොවැඩි වන විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය පියවර ගෙන ඇති බවයි.

එම අත්තිකාරම් මුදල ගෙවීම 2025 වසරේ ජනවාරි පළමු වනදායින් ආරම්භ කර පෙබරවාරි 28 වනදායින් අවසන් කළ යුතු බවද එම චක්‍රලේඛයේ සඳහන් වනවා.

එදිනෙන් පසු ගෙවීම නොකළ යුතු බව එස්. ආලෝක බණ්ඩාර අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත චක්‍රලේඛය මඟින් දන්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)