ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් හඳුන්වාදී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසනවා.
නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සඳහන් කළේ නෝට්ටු භාවිතයෙන් සිදු කරන ගනුදෙනු සඳහා වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 1ත් 1.5%ක් පමණ වැය වන බවයි.
එසේම නෝට්ටු මඟින් ගෙවීම් කිරීමේදී වංචා හා දූෂණ ඉහළයාමට මෙන්ම ගෙවීම්වල කාර්යක්ෂමතාවයේද ගැටලු රැසක් ඇතිවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ඒ අනුව රාජ්‍ය ආයතනවලට සිදු කරන සියලුම ගෙවීම් ඩිජිටල්කරණය කිරීමට සැලසුම් කර ඇති බවයි.
GOVPAY (ගවුපේ) යෙදවුම හරහා ඒ සඳහා පහසුකම් සලසා ඇති අතර ඊට රාජ්‍ය ආයතන 16ක් මේ වන විට සම්බන්ධ වී තිබෙනවා.
ජනවාරි මාසයේදී අනෙකුත් රාජ්‍ය ආයතනද එම යෙදවුම හා සම්බන්ධ කිරීමට නියමිතයි.
ඒ අනුව රජයට කරන සියලු ගෙවීම් ඩිජිටල්කරණය කිරීමටද සැලසුම් කර තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මේ තුළින් කාර්යක්ෂමතාව ඉහළ නැංවෙන බවයි.
මීට අමතරව මිනිස් ශ්‍රමය අවම වීම, අක්‍රමිකතා හා දූෂණ ක්‍රියා තුරන්වයාම මෙන්ම ජනතාවට වඩාත් පහසු සේවාවක් සලසා ගැනීමටද ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනයෙන් හැකියාව ලැබෙන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න ප්‍රකාශ කළා.
(colombotimes.lk)