colombotimes.lk
සිංහල | English

08 September 2024


කෝලිගේ ශතකයට ලබා දුන් පිළිතුර ගැන කුසල් කනගාටුවෙන්



විරාත් කෝලිගේ ශතකය ලබා ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේදීන්ට ලබා දුන් සිය පිළිතුරු සම්බන්ධයෙන් තමන් කනගාටුවට පත් වන බව කුසල් මෙන්ඩිස් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, අද (12) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී කුසල් පැවසූවේ බංග්ලාදේශය සමඟ ඇති පුහුණුවීම් වලට සහභාගී වීමට පැමිණි අවස්ථාවේදී අදාළ මාධ්‍ය හමුව පැවතී බවයි.

කුසල් වැඩි දුරටත් කියා සිටියේ ඒ වන විට කෝලිගේ 49 වන ශතකය පිළිබඳව ඔහු දැන නොසිටි බවයි.

“එයා මගෙන් එවලේ ඒ ප්‍රශ්නේ අහද්දී මම මුලින්ම බැලුවා ඇයි මෙයා මොකක්ද මේ අහන්නේ කියලා.. මොකද මම ගියේ මගේ කණ්ඩායම වෙනුවෙනුයි බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙනුයි අහන ප්‍රශ්නවලට උත්තර ලබා දෙන්න.. ඉතිං ඒ වේලාවේ ඇත්තටම මම ඒ කිව්ව එක වැරදි කියලා හිතනවා.. මොකද ලකූණු 100 ඒවා 49ක් ගහනවා කියන එක ලේසි නැහැ.. ඒක ක්‍රීඩකයෙක් විදිහට දන්නවා කොච්චර අමාරු ද කියලා.. මොකද විරාට් කෝලි කියන්නේ ලෝකයක්ම දන්න, හැමෝම දන්නවා එයා කොච්චර හොඳ ප්ලෙයර් කෙනෙක් ද කියලා.. ඉතිං ඒ වෙලාවේ එයාට විෂ් කරපු නැති එකට කණගාටු වෙනවා..
(colombotimes.lk)