colombotimes.lk
සිංහල | English

08 September 2024


ක්‍රීඩකයින්ගේ දක්ෂතා දුරුවල මට්ටමක පැවති බව මහේල පිළිගනී



ක්‍රීඩකයින් තවත් දක්ෂතා ප්‍රගුණ කළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන මහතා පවසනවා.

ඒ අනුව ක්‍රීඩා කිරීමේදී ක්‍රීඩකයින්ගේ දුර්වලතා පැවති බව ඔහු පැවසූවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් මහේල ජයවර්ධන මේ බව කියා සිටියා.

ඔහු පැවසූවේ ඉදිරියේදී තරග ජය ගැනීම වෙනුවෙන් සැලසුමක් ඇති බවයි.

එමෙන්ම ආබාධයන්ට ලක් වීම නිසා තරගාවලියට සහභාගී කර ගතයුතුම ක්‍රීඩකයන් සහභාගී කර ගැනීමට නොහැකි වූ බව ද අදහස් දක්වමින්  මහේල ජයවර්ධන සඳහන් කළා.
(colombotimes.lk)