colombotimes.lk
සිංහල | English

04 May 2024

ප්‍රධාන වෙසක් උත්සවය බයිඩන්ගේ ප්‍රධානත්වයෙන්



මෙවර ඇමරිකාවේදී පවත්වන ප්‍රධාන වෙසක් උත්සවය එරට ජනාධිපති ජෝ බයිඩන්ගේ ප්‍රධානත්වයෙන් ධවල මන්දිරයේදී සැමරීමට ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තීරණය කර තිබෙනවා.

වොෂින්ටන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පසුගියදා රැස්වීමක් පවත්වා මීට අදාළ යෝජනාව සම්මත කර ගෙන තිබෙනවා.

මෙම අවස්ථාවට ධවල මන්දිරය, ඇමරිකාවේ ජාත්‍යන්තර බෞද්ධ සංගමය සහ වොෂින්ටන් ඩී. සී.හි තානාපති කාර්යාලය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)