කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (01) දහවල් අත්අඩංගුවට ගත් සමාජ ක්රියාකාරිකයෙක් වන නාමල් කුමාර ජනවාරි 15වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
කොළඹ කොටුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
පාස්කු ප්රහාරය සහ කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සම්බන්ධයෙන් පසුගියදා සිදු කළ ප්රකාශ පිළිබඳ විමසීම සඳහා ඔහුව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබෙනවා.
(colombotimes.lk)