නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සිව්දෙනෙක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දී තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදීයි. අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ආර්. එම්. එස්. රාජකරුණා, මේනකා විජේසුන්දර, සම්පත් බී. අබේකෝන් සහ එම්. එස්. කේ. බී. විජේරත්න ජනාධිපතිවරයා ඉදිරියේ මෙලෙස නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස දිවුරුම් දී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකද මෙම අවස්ථාවට එක්ව සිටි බවයි.(colombotimes.lk)