01 April 2025


ගත වූ පැය 24 තුළ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව ඉහළට



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගත වූ පැය 24ක කාලය තුළ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ එම කාලය තුළ නීති උල්ලංඝණය කිරීම් 28ක් ලැබී ඇති බවයි.

එම කාලය තුළ එක ප්‍රචණ්ඩක්‍රියාවක් හා වෙනත් පැමිණිලි 12ක් වාර්තා වී ඇති බවද එම කොමිසම සඳහන් කළා.

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මාර්තු 20 වනදා සිට මාර්තු 28 වනදා දක්වා කාලය තුළ ප්‍රචණ්ඩක්‍රියා 02ක්, නීති උල්ලංඝණය කිරීම් 220ක් ඇතුළුව පැමිණිලි 234ක් ලැබී තිබෙනවා.

(colombotimes.lk)