ප්‍රබල අකුණු සහ තද වැසි සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත් සහ පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා තැනින් තැන වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් පවතින බවයි.
ඒ අනුව ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)