රුපියල් හතළිස් ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගියෙක් අද (18) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවට්කාඩු ප්‍රදේශයේ පදිංච් 21 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.
මෙම දුම්වැටි තොගය ඩුබායිවලින් මිලදී ගෙන කුවේට් රාජ්‍යය වෙත පැමිණ එතැන් සිට ජසීරා ගුවන් සේවයේ ජේ.- 9551 දරන ගුවන්යානයෙන් අද (18) අලුයම 03.40ට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සඳහන් කළේ ඔහු විසින් රැගෙන පැමිණි ගමන් මලු තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 27,000ක් අඩංගු දුම්වැටි කාටූන් 135ක් සඟවා ගෙන සිටියදී සිය භාරයට ගත් බවයි.
ඔහුව මේ වන විට පොලිස් ඇප මත මුදා හැර ඇති අතර එළඹෙන 19වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)