24 January 2025


පුංචි ඡන්දය ගැන ගොනුකළ පෙත්සම් විභාගය ඇරඹෙයි



රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම් විභාග කිරීම අද (24) ආරම්භ වුණා.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේදීයි.

යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් ඉදිරිපත් කර තිබෙනවා.

එම පෙත්සම්කරුවන් සඳහන් කළේ කල්දමා තිබෙන පළාත් පාලන ඡන්ද විමසීම සඳහා භාරදුන් නාමයෝජනා පත්‍ර අවලංගු කර අලුතින් නාමයෝජනා භාරගැනීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.

එහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

(colombotimes.lk)