ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ එක්සිම් බැංකුව අතර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාලව ද්විපාර්ශවික සංශෝධිත එකතාවලට එළඹ තිබෙනවා.
ඒ ණය පහසුකම සහ මිලදී ගැනීමේ ණය පහසුකම් සඳහායි.
මෙම ණය සංශෝධන ගිවිසුම අත්සන් කිරීම ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ වැදගත් පියවරක් ලෙස සැලකෙන බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මෙම ද්විපාර්ශවික සංශෝධිත ගිවිසුම් මාර්තු මස 25වනදා සහ අප්‍රේල් මස 03වනදා අත්සන් කර තිබෙනවා.
ඒ හරහා ඉන්දියානු රජය සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 930.8ක් පමණ වූ ණය පහසුකම් 8කට සහ මිලදී ගැනීමේ ණය පහසුකම් 4කට අදාල ගිවිසුම් ප්‍රතිව්‍යුහගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)