03 September 2025

logo

පාකිස්ථානයට අයත් විශාලම පළාත වෙනම රාජ්‍යයක් වන ලකුණු



පාකිස්ථානයට අයත් විශාලම පළාත ලෙස සැලකෙන බලුකිස්ථානය වෙනම ස්වාධීන රාජ්‍යයක් ලෙස නුදුරේදී පත්වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

ඒ බලුකිස්ථාන් නායක ලෙස සැලකෙන මිර් යාර්ගේ 'X' සටහනක් උපුටා දක්වමින්.

එම සටහනේ සඳහන් වන්නේ බලුකිස්ථානය පාකිස්ථානයේම කොටසක් ලෙස හැඳින්වීමෙන් වළකින ලෙස තමන් ඉන්දීය පුරවැසියන්ගෙන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් ඇතුළු ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවයි.

පාකිස්ථානයේ සමස්ත භූමි ප්‍රමාණයෙන් 44%ක්ම අයත් වන්නේ බලුකිස්ථාන් පළාතට බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)