01 July 2025

logo

ශ්‍රී ලංකාවේ උපන් ගැරී ආනන්දසංගරීට කැනඩාවේ ප්‍රබල අමාත්‍ය ධූරයක්



කැනඩා නව අග්‍රමාත්‍ය Mark Ca eyගේ කැබිනට් මණ්ඩලයේ මහජන ආරක්ෂාව පිළිබඳ නව අමාත්‍යවරයා ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ගැරී ආනන්දසංගරී පත්කර තිබෙනවා.

ගැරී ආනන්දසංගරී මෙරට ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ මහ ලේකම් ලෙස කටයුතු කළ ශ්‍රී ලාංකික දෙමළ දේශපාලනඥයෙක් වන වීරසිංහම් ආනන්දසංගරීගේ පුත්‍රයායි.

ඒ අනුව කැනඩා දේශ සීමා සේවා ඒජන්සිය, රාජකීය කැනේඩියානු කඳුකර පොලිසිය සහ කැනේඩියානු ආරක්ෂක බුද්ධි සේවය ඇතුළු රටේ ඉහළම ජාතික ආරක්ෂක ආයතන සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ඔහු යටතේ ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)