මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද (24) සිට ආරම්භ වන බව මැතිවරණ කොමිසම පවසනවා.
එම කොමිසම සඳහන් කළේ අද මෙන්ම අප්‍රේල් 25, 28 සහ 29 යන දින තුනේ ද තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබාදී ඇති බවයි.
ඒ අනුව රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු සියලුම ආයතනවල තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට මෙම දින 04 තුළ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ අවස්ථාව හිමි වනවා.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අයදුම්කරුන් 648,495 දෙනෙක් සුදුසුකම් ලබා සිටින බවයි.
කෙසේවෙතත් තැපැල් ඡන්දය සලකුණු කිරීමට ලබාදී ඇති කාලය යළි දීර්ඝ නොකරන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළා.
(colombotimes.lk)