24 April 2025


පාසල් සිසුන්ගේ ආහාරවේල ගැන දැනුම්දීමක්



මෙරට දරුවන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත් බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සමන්ත කුමානායක ප්‍රකාශ කළා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

ලෝක ආහාර වැඩසටහනේ ආධාර මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා.

මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ පාසල් සිසුන් හට වැළඳෙන රක්තහීනතාව අඩු කිරීමයි.

මෙම සාකච්ඡාව සඳහා අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන සහ ලෝක ආහාර වැඩසටහන නියෝජනය කරමින් තවත් පුද්ගලයන් රැසක් සහභාගී වී තිබෙනවා.

(colombotimes.lk)