දිවයිනේ සියලු තැපැල් කාර්යාල වල සේවකයන් පසුගිය 28වනදා මධ්‍යම රාත්‍රියේ වැඩවර්ජනයක් ආරම්භ කළා.
ඒ බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ප්‍රමාදයන් විසඳීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කරගනිමින්.
ඔවුන් ආරම්භ කළ මෙම සංකේත වැඩ වර්ජනය අද (30) මධ්‍යම රාත්‍රිය දක්වා ක්‍රියාත්මක බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජී. ජී. සී. නිරෝෂන සඳහන් කළා.
මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා තැපැල් සේවාවන්ට බාධා එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු දිවයින පුරා තැපැල් කාර්යාල රැසක් වසා දමා තිබෙනවා.
(colombotimes.lk)