01 June 2025


දිස්ත්‍රික්ක 5කට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම්



ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 5ක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. 

ඒ අනුව විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය අද (30) රාත්‍රී 9.00 සිට හෙට (31) රාත්‍රී 9.00 දක්වා වූ ඉදිරි පැය 24 සඳහා නිකුත් කර තිබෙන බවයි සඳහන් වන්නේ. 

 නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩ නිකුත් කර ඇති ප්‍රදේශ පහතින්,

ගාල්ල දිස්ත්‍රික්කය - බදදේගම

මහනුවර දිස්ත්‍රික්කය - ගඟ ඉහළ කෝරළය

කෑගල්ල දිස්ත්‍රික්කය - ⁠අරණායක

නුවරඑළිය දිස්ත්‍රික්කය -  අඹගමුව, නෝර්වුඩ්

රත්නපුර දිස්ත්‍රික්කය - කිරිඇල්ල

(colombotimes.lk)