22 November 2024


විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙක් පත් කරයි



විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස ඇමරිකා එක්සත් ජනපදයේ හූස්ටන් විශ්වවිද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පත් කර තිබෙනවා.

මේ සඳහා වන පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (22) ඔහුට පිළිගන්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. 

(colombotimes.lk)