පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (06) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මේ බව දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිළුපුලී ලංකාතිලක මෙම කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා එහි ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
(colombotimes.lk)